Sunday, May 28, 2017

දරුවන්ට මළ බද්ධය ඇත්දැයි සොයා ගත හැකි රෝග ලක්ෂණ මොනවාද?

ළමා රෝග පිළිබඳ විශෙAෂඥ වෛද්‍ය දීපල් පෙරේරා.

දරුවන් බොහෝ සෙයින් පීඩා විදින රෝගි තත්ත්වයක් ලෙස මළ බද්ධය හැදින්විය හැකියි. මළ බද්ධය සහිත දරුවෙකු ඉතාම අපහසුකාරී ලෙස සිටින අතර ම බොහෝවිට හේතුවක් නොමැතිවම දරුවා නිතර නිතර ඇ`ඩීම කරයි. ඇතැම් විට උත්පත්තියේ සිටම මෙම රෝගී තත්ත්වය විවිධ හේතුන් නිසා දරුවෙකුට ඇතිවිය හැකියි.

රෝගී තත්ත්වය හඳුනා ගන්න


රෝගී තත්ත්වය හඳුනා ගැනීමෙන් පසු විවිධ ප්‍රතිකාර සඳහා දරුවා යොමුකළ යුතුවේ.
ආහාර හා ප්‍රතිකාර ම`ගින් රෝගී තත්ත්වය සුවකර ගත හැකි වුවත් රෝගී තත්ත්වය උත්සන්නවී ඇත්නම් හෝ උපතේ දීම ආහාර මාර්ගයේ ගැටළු තිබේදැයි සොයා බැලිය යුතුය. එසේ නම් ඒ සඳහා ශල්‍ය ප්‍රතිකාරද කළ යුතු අවස්ථා තිබේ.
දරුවන්ට ඇතිවන මළපහ පිට කිරීමේ අපහසුතාවය
මළ බද්ධය හැටියට අප හඳුන්වන්නේ මළ පහ පිටකිරීමේ අපහසුතාවයයි. මෙය ඔිනෑම දරුවෙකුට උපතේදීමත් ඉන් පසුවත් ඇති විය හැකියි.
දරුවෙකු ඉපදී පැය 24ක් යන්නට පෙර මළපහ කිරීම කළයුතුයි. පැය 24 ක් යන්නට පෙර දරුවා මළපහ නොකරන්නේ නම් එම දරුවා රෝගී තත්ත්වයකින් පෙළේ.
මෙවැනි දරුවන් ආහාර මාර්ගයේ යට කොටසේ ඇති ස්නායුවල ආබාධ තත්ත්වය නිසා මළපහ පිට කිරීමට බාධා කරයි. මෙහිදී දරුවා ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුය.
දරුවෙකුට දින 07 කට සැරයක් වත් මළ පහ පිටවිය යුතුයි.
දරුවෙකු දින හතක් ගත වීමෙන් පසුවත් මළපහ පිට නොකරන්නේ නම් එය මළබද්ධය හේතුවෙන් විය හැකියි. එහෙත් මවුකිරි පමණක් බොන දරුවෙකු නම් දිනකට කීපවාරයක් මළපහ පිට කරනවා. ඒ සඳහා මවුවරුන් බිය විය යුතු නොවේ.
කුඩා කළසිටම මළපහ කිරිමට හුරු කරවන්න
දරුවා කුඩා කළසිටම මළපහ කිරීමට හුරුකරවීම මව්පියන්ගේ යුතුකමකි. එමෙන්ම එය වැදගත් වේ.
කෙසේ වෙතත් දරුවා මළපහ පිට කිරීමේදි අපහසුතාවයකින් පෙළෙනවා නම් මළපහ පිට කිරීමේදි දරුවා අඩන්නට පටන් ගනියි. එසේම සෑම දිනකම දරුවා මළපහ පිට කළත් දරුවා අපහසුවෙන් මළපහ පිටකරන්නේ නම් එයද මළ බද්ධය නිසා විය හැකිය.
තයිරොයික්සීන් හෝමෝනය අඩුවීම නිසාත් මළබද්ධය ඇතිවේ.ආහාර මාර්ගයේ ඇතිවෙන ගැටලූ නිසාත් මළබද්ධය ඇතිවේ.
ඇතැම් විට ආහාර මාර්ගයේ ඇතිවන තුවාල නිසා සහ මළපහ පිට කිරීමේ අපහසුව නිසා ගුද මාර්ගයේ ඉරීම් සහ තුවාල ඇතිවී ලේ වහනයක්ද සිදුවිය හැකියි.
දරුවන්ට දියර ආහාර වැඩිපුර දෙන්න
මළබද්ධය සහිත දරුවන්ට දියර ආහාර වැඩිපුර දිය යුතුයි. එසේම විවිධ වර්ගයේ පළතුරු- යුෂ වශයෙන් දිනපතා ආහාරයට එක්කළ යුතුවේ. පළතුරු අතරින් ගස්ලබු මළබද්ධයට ඉතාම ගුණදායකයි. නමුත් කෙසෙල් ගෙඩි ම`ගින් මළ බද්ධය වැඩි කරවයි. එම නිසා කෙසෙල් ගෙඩි දිමේදී මවුවරු වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
බොහෝ විට දරුවන්ට ව්‍යායාම් අඩුවීම නිසාත් මළබද්ධය ඇතිවේ. මෙම නිසා ඉඩ ඇති සෑම මොහොතකම දරුවන්ට ක්‍රීඩා කිරීමට ඉඩදිය යුතුය.
කෙසේ වෙතත් ඖෂධ ම`ගින් මළබද්ධය සුව නොවන්නේ නම් එවැනි දරුවන්ට පුතිකාරය ලබාදිය යුතුය.
මළ බද්ධය සහිත දරුවෙකුගේ ලක්ෂණ මෙසේ දැක්විය හැකිය.
උදරයේ වේදනාව, මළපහ කිරීමේදී දැඩි වෙහෙසක් ගැනීම,මළපහ කිරීමේ වාර ගණන අඩුවීම, ආහාර රුචිය අඩුවීම,උදරයේ පිපුම, උදරය ඇල්ලූ විට ගල්වැනි යමක් අසුවීම, මළපහ කිරීමේදී රුධිරය පිටවීම, ආහාර මාර්ගයේ තුවාල ඇතිවීම වැනි ලක්ෂණ දැකිය හැකිය.


සටහන -අනුරාධා දිලිනි ඉලන්කෝන්

No comments:

Post a Comment

ආර්තවය  ආර්තවය යනු කුමක්ද? මෙම සිදූවිම සෑම යෞවනියක්, තරුණියක් හා කාන්තාවක් විසින් අත්විඳින සංසිද්ධියකි.ඔසප්වීම හා මාස් ශුද්ධිය ලෙසද මෙය ...