Friday, May 26, 2017

,,,,, දූම්පානය හා පිළිකා,,,,,,,

දූම්බීමෙන් මීදූන සුවදායි දිවියකට
ඔබ දන්නවාද?


දූම්බීම හේතුවෙන් ඇතිවන රෝගාබාධ නිසා සෑම තත්පර 5-6 කට වරක් යම් පුද්ගලයකු මිය යන බව
තරුණ වියේ සිට වසර 20ක් නොකඩවා දූමිපානය කිරීම තුළින් ආයු කාලය වසර 25කින් අඩුවන බව
අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා ආදී බරපතල රෝගාබාධවලට ලක්වන බව
පෙනහළු පිළිකා , මුඛ හා උගුර ආශී්‍රත පිළිකා, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීමේ අවදානම වැඩිවන බව
ලිංගික ඛෙලහීනතාව, වඳභාවය හා ස්නායු දූර්වලතාවයන් ඇතිවන බව
හෝමෝන ශ්‍රාවයවීම වැඩිවීම මගින් හෘදයේ ක්‍රියා කාරිත්වය හා නාඩි වැටීම වේගවත් වීම.
හුස්ම ගැනීම වේගවත් වීම.
මේ හේතුන් නිසා රෝගා බාධ ඇතිවේ.
දූම්බීමේ දීර්ඝ කාලීන බලපෑම්
කිරීටක ධමනි සිහින් වීම මගින් හෘදයාබාධ ඇතිවීම.
ස්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩු වීම.
මොළයට රුධිරගත සපයන රුධිර නාල අවහිරවීම මගින් මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් ඇති වී එමගින් අංශභාග රෝග ඇතිවීම.
වයසට වඩා වැඩි පෙනුමක් ගෙනදීම.
නිය, දත්, දූර්වර්ණ වීම.

අක්‍රීය දූම්පානය ගැන ඔබ දන්නවාද?


දූම්පානය කරනු ලබන තැනැත්තා පමණක් නොව ඔහු ඇසුරේ සිටින බිරිඳ, දූ දරුවන්, අසල්වාසීන් සියළු දෙනාම දූම්බීමේ බලපෑම් වලට ලක්වේ.
කුඩා දරුවන් ඇදූම රෝගය ආදී ශ්වසනාබාධ වලට ලක්වීම හා දූම්පානය කරනු ලබන්නෙකු අසල සිටින ගැබිනි මාතාවකට අඩු බර උපත් හා විවිධ ආබාධ සහිත දරුවන් ලැබීමේ වැඩ අවදානමක් ඇතිවේ.

දූම්බීමෙන් වැළකීමට මගක් තිඛෙනවාද?



දූම්බීම නතර කිරීමට අධිෂ්ඨාන කර ගන්න.
ඒ සඳහා,ඔබගේ උපන් දිනය, දරුවෙකුගේ උපන් දිනය හෝ වෙනත් විශේෂිත දිනයක් තෝරා ගන්න.
ඒ සඳහා පෙර සුදානමක් තිබිය යුතුයි.
මෙම තීරණය ක්‍රියාත්මක කරවීම ඔබට තනිවම හෝ ඔබේ හිතවතුන් කණ්ඩායමක් සමග එකතුවී හෝ සිදූකල හැකිය.

ඔබ පහත සඳහන් කරුණු තදින් සිතට ගන්න.


වඩා නිරෝගී දිවියක් සඳහා දූම්පානය අත්හරින්න.
හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුකර ගන්න.
පිළිකා ඇතිවීමේ අවදානමෙන් ම`ග හැරීමට කටයුතු කරන්න.
තම දරුවන්ට ආදර්ශයක් වීම සඳහා ද මුදල් ඉතිරි කරගැනීමටද හැකිවේ.
මේ ගැනත් සිතන්න
ඔබගේ තීරණය ගැන ස්ථීරසාර සිතුවිල්ලකින් පසුවුවත්, ඉඳහිට සිගරැටිටුවක් දල්වා ගත්තාට වරදක් නැතැයි නොසිතන්න.
ඔබ දූම්පානය නතර කළ අයෙක් යැයි සිතමින් ස්වයං සාඩම්බර බවකින් නිතර පසුවන්න.
සිගරැට්ටුවක් දල්වා ගැනීමේ ආශාවන් ඇති වු විගස ඔබ දැන් දූම්පානය අත්හල අයෙක් බව සිතන්න. ඔබගේ සිත පාලනය කර ගැනීමට ධෛර්යමත් වන්න.
සිගරැට් මිලදී ගැනීමට යොදන මුදල් එකතු කරන්න. එම මුදලින් දූම්පානය අත්හල මුල් දිනය,මුල් සතිය,මුල් මාසය, වසර අවසානයේ ඔබට වටිනා යමක් මිලයට ගෙන සතුටු වන්න.

පිළිකා පිළිබඳ සැක කළ යුතු සංඥා 7 කි


1.සුව නොවන තුවාලයක්.
2.පියයුරු වල හෝ අන්තැනක ගැටයක් හෝ ඝන විමක්.
3.අස්වාභාවික ලේ වහනයක්.
4.ගැටයක, කළු ලප හෝ ඉන්නෙකුගේ වෙනස් විමක්.
5.කල්පවතින අඡීර්ණ හෝ ගිලීමේ අපහසුවක්.
6.කල් පවත්නා කටහ`ඩ වෙනස්වීමක් හෝ කැස්ස.
7.මළ පහවීමේ, මුත්‍රා පිටවීමේ වෙනසක් හෝ එමගින් ලේ පිටවීම.

දූම්බීමට ඇබ්බැහි වුවාට පසු, එය අත් හැරීම පහසු නැත. එහෙත් මේ ගැන සිතන්න.

හෘද රෝග වලින් මිදූනූ ඡීවිතයක්.
පිළිකා අනතුරින් මිදීමට මගක්.
සතුටින්, සැපවත් දිවියක් ගෙවීමට තිරසාර කාලයක් ලැබේ.
සිහි තබාගන්න

අහාර සඳහා වැඩිපුර එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ග අනුභව කරන්න.
මේද අධික ආහාර සහ මස් වර්ග අනුභවය අඩු කරන්න.
තම ශරීරය නිරෝගීව තබා ගන්න.
මත්පැන් ,මත්ද්‍රව්‍ය ගැනීමෙන් වළකින්න.

සැ.යු- සෑම මසකට වරක්ම දෙවන සතියේ ඉරිදා දින ශ්‍රීලංකා පිළිකා සංගම් මුලස්ථානයේ දී නොමිලේ පැවැත්වෙන සර්වරෝග සායනයට පැමිණ ඔබගේ පරීක්ෂාවන් සිදූ කර ගත හැකිය.

 උපදෙස්- සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක් ඇසුරිනි.

සටහන- අනුරාධා දිලිනි ඉලංකෝන්.

No comments:

Post a Comment

ආර්තවය  ආර්තවය යනු කුමක්ද? මෙම සිදූවිම සෑම යෞවනියක්, තරුණියක් හා කාන්තාවක් විසින් අත්විඳින සංසිද්ධියකි.ඔසප්වීම හා මාස් ශුද්ධිය ලෙසද මෙය ...