ආර්තවය
ආර්තවය යනු කුමක්ද?
මෙම සිදූවිම සෑම යෞවනියක්, තරුණියක් හා කාන්තාවක් විසින් අත්විඳින සංසිද්ධියකි.ඔසප්වීම හා මාස් ශුද්ධිය ලෙසද මෙය හැඳින්වෙයි.
ආර්තවය සිදූවෙන්නේ කෙසේද?
පිටියුටරි ග්‍රන්ථියෙන් ඇතිවන උත්තේඡනය නිසා ඩිම්බ කෝෂයක වු ඩිමිබයක(ස්ත්‍රී බීඡයක)මුල් අවස්ථාව වන ග්‍රාපීය කුපය මෝරා වැඩීම ඇරඹෙයි.
කෙමෙන් වැඩෙන ග්‍රාපීය කුපයෙන් හොඳින් මේරු ඩිම්භයක් මුදා හැරේ.(ඩිම්බණීහරණය)
මෙසේ මුදාහරින ඩිම්භය පැලෝපීය නාලය තුලට ඇතුළු වී ගමන් කරයි.
ස්වභාවධර්මයේ බලාපොරොත්තුව නම් පැලෝපීය නාලය තුලදී එම ඩිම්භය ශුක්‍රාණුවක් (පුරුෂ බීඡයක්)සමඟ එක්වීමෙන් කලලයක් ඇතිවීමයි.මෙය ඩිම්බ සංසේචනය ලෙස හැදින්වේ.ඩිම්භ මේරීම ඩිම්භකෝෂය තුළ සිදූවන අතරවාරයේ ඩිම්බකෝෂයෙන් ස්‍රාවය වන ස්ත්‍රී ලිංග හෝර්මෝන නිසා ගර්භාෂයේ (දරු ගැබ දරා සිටින අවයවය) බිත්තියද කෙමෙන් වර්ධනය වීම ඇරඹේ. සංසේචිත ඩිම්භය හෙවත් කලල තැන්පත් වන්නේ මෙම ගර්භාෂ බිත්තියෙහිය.
මෙසේ පැමිණෙන කළලය බලාපොරොත්තු වන්නේ එයට හොඳ රුධිර සැපයුමක් ලබාදීම සඳහා රුධිර වාහීනී වැඩීමත් බිත්තියේ ඝනකම වැඩිවීමත් මේ වර්ධනයට අයත්ය.
යම් හෙයකින් ඩිම්බය ශූක්‍රාණුවක් හා සංසේචනය නොවුනහොත් විනාශ වී යයි. කළලයක් රෝපණය වීම සඳහා අවශ්‍යතාවයක් නොමැති නිසා පෙර සිට සුදානම්ව තිබු ගර්භාෂ බිත්තියද කෙමෙන් කැඩී බිදී යාමට පටන්ගනී.
මෙම පටක සහිත කොටස් සහ රුධිර වහනයක් ලෙස යෝනි මාර්ගයෙන් පිටවේ.
ආර්තවය හෙවත් ඔසප්වීම ලෙස හැඳින්වෙන්නේ මෙම රුධිර වාහනයයි.
මල්වරවීමේ සිට ආර්තවහරණය වන තුරු කාන්තාවකට මෙම ක්‍රියාවලිය සිදූවේ
ආර්තවය චක්‍රානුකුලව සිදූවන්නක්ද?
එක් ආර්තවයක ආරම්භක දිනයේ සිට ඊලඟ ආරම්භක දිනය තෙක් කාලය ආර්තව චක්‍රයක් ලෙස හඳුන්වයි.සාමාන්‍යයෙන් ආර්තව චක්‍රයක් සඳහා දින 28 ක් ගතවේ.
එසේ වුවද ආර්තව චක්‍රයක් සඳහා ගතවන කාලය එක් කාන්තාවකගෙන් තවත් කාන්තාවකට වෙනස් විය හැකිය.
සමහර විට එකම කාන්තාවකගේ වුවද එක ආර්තව චක්‍රයක සිට අනෙකට ඇති දින ගණන වෙනස් විය හැකිය.
ආර්තව චක්‍රය අක්‍රමවත් විය හැකි අවස්ථා මොනවාද?
මල්වර වු ආසන්නයේදීම ආර්තව චක්‍රය අක්‍රමවත් විය හැකිය.
එමෙන්ම ආර්තවහරණය ආසන්නයේදීත් ඔසප් චක්‍ර අක්‍රමවත් විය හැකිය.
අධික සිත් වේදනාවක්, අධික බියක්, අධික සතුටක්, කැළඹිලි සහිත බවක් වැනි ආවේගශීලී තත්ත්වයක් නිසා ආර්තව චක්‍රය අක්‍රමවත් විය හැකිය.
සමහර රෝග තත්ත්ව නිසාද ආර්තව අක්‍රමිකතා ඇති විය හැක.උදා- ගර්භාෂ ගෙඩි, අධික තරබාරුකම, දියවැඩියාව.
ආර්තවය නැවතීමට හෝ පමාවීමට හේතු මොනවාද?
යුවතියකගේ හෝ කාන්තාවකගේ ආර්තවය නැවතීම හෝ පමාවීම හෝ සිදූවන අවස්ථා ඇත.මේ සඳහා ප්‍රධාන හේතුව නම් දරුවකු පිළිසිඳ ගැනීමයි.
නොකඩවා කිරි දෙන කාන්තාවකගේ ආර්තවය ද නැවතී තිබිය හැකිය.
සමහර පවුල් සංවිධාන ක්‍රම භාවිතා කිරීමේ ප්‍රතිථලයක් ලෙස ආර්තවය නැවතිය හැකිය. උදා- ඩිම්බ කෝෂ අර්බුද.
ආර්තවය නැවතීමට හෝ පමාවීමට හේතුව විමසා බැලීමට වෛද්‍ය උපදෙස් පැතීම අවශ්‍යයි.
ආර්තවය දින කීයක් පවතින්නේද?
සාමාන්‍යයෙන් දින 3-5 දක්වා කාලයක් පවතී. සමහරකුට දින 1-2 ක් පමණ විය හැක. තවත් සමහරකුට දින 6-7 ක් පමණ විය හැක.
ආර්තවය පවතින දින ගණනද එක් කාන්තාවකයෙන් තවත් කාන්තාවකගෙන් තවත් කාන්තාවකට වෙනස් වන්නකි.
සාමාන්‍යයෙන් තමන්ට හුරුපුරුදූ දින ගණනට වඩා වැඩි දින ගණනක් ආර්තවය පවතීනම් හෝ ආර්තව චක්‍ර අතර රුධිර වහනය සිදූවේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යයි.
ආර්තවයක දී පිටවන රුධිර ප්‍රමාණය කොපමණද?
ආර්තවයේ දී පිටවන රුධිර ප්‍රමාණය ද එක් කාන්තාවකගෙන් තවත් කාන්තාවකට වෙනස් වේ.සමහර කාන්තාවන් සුළු රුධිර වහනයක් වන අතර තවත් සමහරුන්ට වැඩි රුධිර වහනයක් සිදූවිය හැකිය. වැඩි රුධිරය වහනය විමක් ගැන සැක කරනේනම් වෛද්‍ය උපදෙස් පැතීම අවශ්‍යයි.
ආර්තව දිනවල දැනෙන අපහසුතා මොනවාද
උදරයේ යට පෙදෙස් වේදනාව, කොන්ද කැක්කුම,දණහිස් කැක්කුම,කකුල් කැක්කුම, බඩපුරවා දැමීම, හිස කැක්කුම, වෙහෙස ගතිය වැනි දෑ බොහෝ විට ඇති විය හැක.ආර්තවයේ මුල් දින 2 තුළදී මෙම අපහසුතා වැඩියෙන් දැනේ. ඉන්පසු කෙමෙන් මග හැරී යයි.
මේ අපහසුතා නිසා එදිනෙදා වැඩ කටයුතු අඩාල කර ගත යුතු නැත.
අත්‍යවශ්‍යම නම් සුළු අත් බෙහෙතක් හෝ වේදනා නාශකයක් හෝ භාවිතා කළ හැක.
සමහර කාන්තාවන්ට මෙම දිනයන් ඉතාම වේදනාකාරි,කරදරකාරී දිනවේ. එවැනි අය වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
ඩිම්භණීහරණය හඳුනා ගත හැකිද?
බොහෝ විට ආර්තව චක්‍රයේ දින 12-16 අතර කාලයේ ඞ්ම්භණිහරණය සිදූවේ. ඞ්ම්භණිහරණය සිදූවන දිනයේ බොහෝ කාන්තාවන්ට උදරයේ යටි කොටසේ සුළු වේදනාවක් හෝ අපහසුතාවයක් දැනිය හැක. ඉතා කලතුරකින් සුළු රුධිර වහනයක් ද ඇතිවිය හැක. මෙම කාලයේ යෝනි ස්‍රාවයන් වැඩිවීමක් ද ලිංගික හැඟිම් උද්දීපනයක්ද දක්නට හැක. සිරුරේ උෂ්ණත්වය ඉතාම සුළු මට්ටමින් ඉහළ යාමක් සිදූවේ.ආර්තවයට පෙර අපහසුතා ඇති විය හැකි ද?
බොහෝ කාන්තාවන්ට ආර්තවයට දින 7-8 කට පෙර කිසියම් අපහසුතාවයක් ඇතිවිය හැකි. හිස කැක්කුම, පියයුරු බර ගතිය.පපුවේ කැක්කුම, අධික මහන්සි ගතිය, නුරුස්සනා ගතිය, කණස්සලු සහගත බව වැනි දෑ මෙසේ ඇතිවන ලක්‍ෂණයි.මෙය පූර්ව ආර්තව ආතතිය ලෙස හඳුන්වන ස්වභාවික තත්වයකි.
ආර්තව දින වල පැවැත්ම
ආර්තව දිනවල පැවැත්ම පිළිබඳ බොහෝ විශ්වාස, මත, ඇදහිලි සමාඡයේ පවතී. මේවා සමහරක් හානිදායක වන අතර තවත් සමහරකින් කිසිදූ හානියක් සිදූනොවේ.
ආර්තව දිනවල පිරිසිදූකම
ආර්තව දිනවල නෑම හෝ ඇඟ සේදීම විශේෂයෙන්ම කළ යුතුය. යෝනි මාර්ග හා යෝනිය අවට රුධිරය වහනය වීම නිසාත් මේ දිනවල අධික දහඩිය දැමීම නිසාත් මුළු සිරුරම හොඳින් පිරිසිදූව තබා ගැනීම ඉතා වැදගත්ය.
ආර්තව දිනවල ආහාර පාන
එදිනෙදා ගන්නා ඕනෑම ආහාරයක් ගැනීමෙන් කිසිම හානියක් සිදූනොවේ. සිරුරෙන් ඉවත්ව යන රුධිරය නැවත නිපදවීම සඳහා යකඩ සහ ප්‍රෝටීන් අඩංගු පෝෂ්‍යදායි ආහාර මේ කාලයේ වඩාත් අවශ්‍ය නිසා එවැනි ආහාර පාන ගැනීම වැදගත්ය.
ආර්තව දිනවලට සුදූසු සනීපාරක්ෂක තුවා භාවිතය
මේ සඳහා සුදූසු සනීපාරක්ෂක තුවා භාවිතය අවශ්‍යයි. එවා පිරිසිදූ තත්වයේ පැවතීම වැදගත් දෙයකි. සනීපාරක්‍ෂක තුවා පිරිසිදූ රෙදි වලින් සකසා ගත හැකි අතර නැවත භාවිතයේ හොඳින් සෝදා අව්වේ වේලා ගැනීම කළ යුතුයි. මේ සඳහා කිලිටි රෙදි භාවිතා කිරිම නිසා යෝනි ප්‍රදේශයේ ආසාදනයක් ඇති විය හැක.
මේ සඳහා විශේෂයෙන් නිමැවු සනිීපාරක්‍ෂක තුවා අද වෙළඳපොලෙහි ඇත.වරක් භාවිතයෙන් පසු ඉවත දැම්ය යුතු මේවා ඉවත දැමීමේදී සැලකිලිමත් විය යුතුයි.
ආර්තව දිනවල ලිංගික සබඳතා පැවැත්වීම
ආර්තව දිනවල ලිංගික සබඳතා පැවැත්වීම නොකෙරේ. එහෙත් එම දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ වරදක් නැත. ආර්තව දිනවල ලිංගික සම්බන්ධතා නිසා දරුථල ඇති නොවේ.
ඔසප්වීම හෙවත් ආර්තවය කාන්තාවකගේ ඡිවිතයේ ඉතාම ස්වභාවික සිද්ධියකි. මේ පිළිබඳ අනවශ්‍ය බිය සැක උපදවා ගෙන විවිධ මත වලට වහල් වීමට වඩා සත්‍ය කරුණු දැනගෙන එයට හොඳින් මුහුණ දීම වැදගත්වේ.